(ලක්මිණි නදීෂා)
ආසියානු කලාපයේ රටවල් තුළ යළිත් කොවිඩ් වෛරසයේ භීතියක් මතුව තිබේ.
ඒ පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වීමත් සමඟිනි. මේ වනවිට එය ක්‍රමයෙන් වර්’ධනය වීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රබේදයක් ලෙස හඳුනාගෙන ඇති මෙම JN1 වෛරසය මේ වන විට ආසියානු කලාපයේ රටවල් රැසක ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත.විශේෂයන් සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල මෙය වැඩි වශයෙන් දැකගත් හැකි අතර ඉන්දියාවෙන්ද මේ වන විට රෝගීන් වාර්’තා වීම සැලකියයුතු අගයක පවතී.
පසුගිය මැයි 12 වනදා දින සිට ඉන්දියාවේ නව COVID-19 රෝගීන් 164 ක් වාර්’තා වී ඇත. කේරළයෙන් ඉන් වැඩි ගණනක් වාර්’තා වන අතර එම සංඛ්‍යාව 69 කි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අනතුරු ඇඟවීමට හේතුවක් නොමැති බවයි. මධ්‍යම සමාලෝචනයකින් නිගමනය වූයේ ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් 257 බොහෝ දුරට මෘදු බවත්, රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
මේ වන විට මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ කෙසේ වෙතත් මෙම JN1 වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.කෙසේ වෙතත් රෝගීන් වාර්’තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
