ප්‍රදේශ බොහොමයකට වැසි සමග තද සුළං

චම්පිකා මුතුකුඩ

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

 

බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ  

 

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

 

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.

ඌව පළාතේ සහ   අම්පාර දිස්ත්‍රික්කයේ  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය  හැක.

 

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ  උතුරු, උතුරු-මැද, වයඹ සහ  දකුණු පළාත්වලත්  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  විටින් විට  පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *