රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනේ

(නික්කි රණසිංහ, නිපුන නිර්මාල් ) 

කොළඹ, හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවසක් තුළ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇත. 

කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් නිවාස සංකීර්ණයේ පිහිටි ඇගේ නිවසට ටී 56 ගිනි අවියක් රැගෙන යනු දුටු බවට ආරක්ෂක නිලධාරියෙකු ලබා දුන් තොරතුරක් මත මෙම ගිනි අවිය සොයාගෙන තිබේ. 

67 වන වියේ පසුවන අදාල කාන්තාවගේ මෝටර් රථයේ පසුපස දොර විවෘත කිරීමේ දී මෙම අවිය දුටු බවට එම ආරක්ෂක නිලධාරියා දැනුම් දී තිබේ. 

පසුව වැල්ලවත්ත පොලීසිය මෙම ස්ථානයට පැමිණ ගිනි අවිය පොලිස් භාරයට රැගෙන ඇත. වැල්ලවත්ත පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *