2000කගේ පමණ රැකියා අහිමි කරමින් නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දමයි

ලක්මිණි නදීෂා

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ පවත්වා ගෙන ගිය, සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ නෙක්ස්ට් ( NEXT ) නැමති ඇගලුම් නිෂ්පාදන කර්’මාන්තශාලාව අද (20) දින සිට හදිසියේම දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්’මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති.

වර්’තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්’මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සදහන් වේ.

මේ වනවිට කර්මාන්තශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීහු පමණක් එහි රැදී සිටිති. කර්’මාන්තශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරියෙකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීහු පැවසූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *