පුරාවිද්‍යා සංරක්ෂිත උරුමයක් වන ඇලිකේවෙල අම්බලම විනාශමුඛයට 

(හේවාහැට-චම්පික දසනායක) 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත උරුමයක් වන පාතහේවාහැට ඇලිකේවෙල ඉපැරණි අම්බලම විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති

අම්බලමේ වහලයට සෙවිලි කර ඇති උළු රිලවුන් විසින් ගලවා දැමීම නිසා වැසි ජලය කාන්දුව දැව කණු දිරාපත් වීමෙන් මෙම විනාශය හටගෙන ඇති බව ඔවුහු පෙන්වා දෙති   

උඩරට රාජධානිය සමයේ රාජසිංහ රජු මහනුවර රජ මාලිගයේ සිට හඟුරන්කෙත මාලිගය දක්වා ගමන් කළ පැරණි මාර්ගයේ එක් නැවතුම් පොළක් ලෙස සැලකෙන පාතහේවාහැට ඇලිකේවෙල ගම්මානයේ මෙම අම්බලම පිහිටා තිබේ.

අවස්ථා ගණනාවකදීම තමන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් නමුත් අම්බලම පිළිසකර කිරීමට කටයුතු නොකළ බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති .   

Leave a Comment

Your email address will not be published. Required fields are marked *