පොහොට්ටු මන්ත්‍රී මිලාන් ජයතිලකත් අත්අඩංගුවට

චම්පිකා මුතුකුඩ

තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු අල්ලස් හෝ දූෂණය විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මෙසේබ්අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කියැවේ.

මිලාන් ජයතිලක මහතා පොදු ජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසද දොම්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර තිබේ.

කුඹුරක පිඹුරු පත් සැකසීමේදී සිදුවූ ඇති බව කියන ආක්‍රමිකතාවයකට මන්ත්‍රීවරයා මෙසේ  අත්අඩංගුවට පත් වී ඇති බව කියැවේ.

කෙසේ වෙතත් පොදු ජන එක්සත්පෙරමුණේ අමාත්‍යවරුන් 43 දෙනෙකුට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්  විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව පැවසේ. ඒ පසුගිය අරගල සමයේදී දේපළ හානි වූ බවට සාවද්‍ය තොරතුරු සපයා රජයෙන් අධික වන්දි මුදල් ලබා ගැනීම සම්බන්ධවයි .මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා එලෙස අත්අඩංගුවට  ගෙන ඇත්තේ එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනයක ඇප මත නිදහස් කෙරුණු බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *