(චම්පිකා මුතුකුඩ)
වරෙන්තු ලබා සැඟව සිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ චෝදනාව මත පවරණ ලද නඩුවකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි.
එම නඩුව අද දින කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වන අතර හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත්තේ එම නඩු විභාගය සඳහා ඉදිරිපත්වීමටය.
එම නඩුව අධිකරණයේදී අද කැඳවුණු අතර අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා විසි හයවනදාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා විසින් නියෝග කොට තිබේ.
