(චම්පිකා මුතුකුඩ

කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ද්‍රවිඩ ජන සැමරුමක් අතරතුර අද (මැයි 18) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ 2009 වසරේ මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ සිදුවූ අවසාන යුද්ධයේදී මිය ගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා. බව කියැවේ.
මෙම සමරු උත්සවය ඇලෙක්සැන්ඩ්රා පාරට ඉදිරිපිට මුහුදු වෙරළ ආසන්නයේදී දී පවත්වා ඇත.

යුද ගැටුමේ අවසාන අදියරේදී මියගිය, තුවාල ලැබූ හෝ අතුරුදහන් වූ පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා සහභාගිවූවෝ සුදු මල් රැගෙන රැස්ව සිටියහ.
වැල්ලවත්ත ප්‍රදේශවාසීන් පිරිසක් මෙම සැමරුමට විරෝධය පළ කළ අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.

ගැටුම සංසිඳවීම සඳහා,සැමරුමේ නිරත වූ කණ්ඩායමහ්විරෝධතා දැක්වූ කණ්ඩායමත්, විසුරුවා හැරීමට පොලිසියට සිදුවිය.

…”මම වීරසිංහම්.මැයි දහ අට සංවිධාන කමිටුව වෙනුවෙන් .අද දවසේ අපි මෙතන කළේ 2009 යුද්ධය අවසානයේදී මැරිච්ච සිවිල් වෙනුවෙන් .ඒ යුද්ධයේදී ජනතාව විශාල වශයෙන් විශේෂයෙන් දෙමළ ද ජනතාව විශාල වශයෙන් මැරුණා. ඒ වගේම තුවාල වුණා. ඒ වගේම බලෙන් අතුරුදන් කළා. ඉතින් මේක නිදහසට පෙර සහ නිදහසින් පසු රාජ්‍ය විසින් සැලසුම් සහගතව දමිළ මිනිසුන්ට එල්ල කරපු ප්‍රහාර වල ප්‍රතිඵලයක් හැටියට . ඒ නිසා අපි මේ අයුක්තියට,ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට ශ්‍රී ලංකාව පුරාම ඉන්න ශ්‍රී ලාංකික ජනතාව විදිහට ශ්‍රී ලංකා රාජ්‍යයන් මේ කරපු මිලේච්ඡ ප්‍රහාර වලට වග කියන්න ඕනේ. යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ කියන එක. එදා ඉඳන් ශ්‍රී ලංකා පුරවැසියට සියල ඉෂ්ට කරන්න ඕනේ කියන එක බලපෑම් කිරීම සඳහා මේ මුල්ලිවයික්කාල් අනුස්මරණය අපි මෙතන කරනවා. මේක කොළඹින් අපි පටන් ගත්තෙ 2022 .ශ්‍රී ලංකාවේ ඉන්න ජනගහනය පුරාමයුක්තිය වෙනුවෙන් පාරට බැහැපු අවස්ථාවේ කොළඹින් මේක පටන් ගත්තේ.ඉතින් එදා ඉඳන් අද දවසේ ශ්‍රී ලාංකික පුරවැසියන් සියලුම දෙනා මේකට දායක වෙනවා. මිනිස්සු බාධා කරත්, එදා ඉඳන් අදත් බාධා කරත්, ඒ බාධා මැද උනත් ශ්‍රී ලංකා පුරවැසියන් විදියට හැමදෙනාම මෙයට සහයෝගය දෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි කියන්න කැමතියි රාජ්‍යයක් විදිහට මේ අයුක්තියට යුක්තිය ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න කියලා…..මෙම අනුස්මරණයේ සංවිධායකයෙක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.


