(සුමේධ මුණසිංහ)
මැරිලත් නොමැරෙනා අදටත්
ජෝතිගේ ප්රියතම සිංදු
ආදරේ උතුරවයි ගෑනුන්ගේ
පුපුරවාගෙන පපු කැවූතු ……
රත්තරන් පෙම් පුරාණේ ගයන විට ජෝතී
දස දසදහක් සිත් සතන් අද උනත් පිච්චෙතී
ගී සෑය බඳින්නට අතේ පිච්චිය නැතී
දුප්පත්ම පෙම්වතුන් ජෝතිගෙන් සැනසෙතී….
ජෝතිගේ පිරිමි ගැයුමෙන්
කොටහළු වෙන්න ඇති කෙල්ලන්
ගැබ්බර වෙන්න ඇති ගැහැණුන් ….
ජෝතිමත් ගීතවල රසයෙන්
වෙන්න ඇති පිරිමින් තිරිහන් ….
ජෝති වගේ මිනිසුන් රසවත්
නොබී කොහොමද බීල මැරුණත්
බීමෙන්ම ඉපදෙන තනුවත්
රස විඳින්නැති ජෝති ළඟ මරුවත්…..
ජාතියක රසය කැළතීමත්
ගීතවත් ආදරය පැතිරීමත්
සින්දුවෙන් රස නහර පිනවීමත්
හින්දාම ජාතික වීරයෙකි ජෝතිත්…..
