රණවිරු සැමරුම් උත්සවය 16 වනවරටත්

වර්ෂා අමරජිත් එරත්න

තිස් වසරක  කෲර යුද්ධය 2009 මැයි මස 18 දින එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග අවසන් විය.

   ලේ කදුළු හලමින් , ආබාධිතව,අතුරුදන්ව සහ තම ජීවිතය පූජා කරමින් මෙම කෲර යුද්ධයට මුහුණ දී රටටත් ජනතාවටත් නිදහස ලබා දුන් උදාර රණවිරුවන් සිහිකරමින් විජයග්‍රාහී සැමරුම් උත්සවයක් දාසය(16) වන වසරටත් හෙට (19) දා පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අසල පස්වරු හතර (4 )සිට හය(6) දක්වා පැවැත්වීමට නියමිත මෙම උත්සවය නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

  මේ පිළිබද දැනුවත් කිරිමක් ඊයේ කොළඹදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්යකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *