(බුද්ධික වීරසිංහ)
වසර පහකට අධික කාලයක් තිස්සේ රාජ්‍ය ආයතන 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දී නොමැති බව හෙළිවී තිබේ
වසරෙන් වසර රාජ්‍ය ආයතනවල මූල්‍ය තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වුවත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ රාජ්‍ය සමාගම් 36ක මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දී නොමැත. මේ හේතුවෙන් අදාළ රාජ්‍ය ආයතන 36හි වාර්ෂික විගණන පරීක්ෂණය සිදුකිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.
විගණකාධිපති වාර්ෂික වාර්තාව ප්‍රකාශ කරන පරිදි තේ ශක්ති අරමුදල 2017 වසරෙන් පසු කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති අතර ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සහ ධීවර සංස්ථාව 2018 වර්ෂයෙන් පසුව කිසිදු මූල්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැත.
ආයතනවල මූල්‍ය වංචා දූෂණ මැඩපැවැත්වීම සඳහා මෙම වාර්ෂික විගනකාධිපති පරීක්ෂණය අතිශය වැදගත් වන අතර මෙම ආයතන වල මූල්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව පිළිබඳව කිසිදු අදහසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු නොවේ.රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව සිය මූල්‍ය වාර්තා වූ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුවේ. එසේ ලබා නොදෙන විට එම ආයතන සම්බන්ධයෙන් වගකීම දරණ ආයතන විසින් ඒ පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදුකළ යුතුවේ. එහෙත් මහා භාණ්ඩාගාරය හෝ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් එබඳු අධීක්ෂණයක් සිදු සිදු කර නැති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව සඳහන් කරයි.
ලංකා සතොස, මිල්කෝ පෞද්ගලික සමාගම, කුකුළු පාලන සංවර්ධන මණ්ඩලයද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ධීවර සංස්ථාව මෙසේ මූල්‍ය වාර්තා ලබා නොදුන් ආයතන අතර වෙයි.
