මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය මුද්‍රා තබයි.

(යසංග මහවිතාන )

පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරය මුද්‍රා තැබීමේ පුවතක් කඩුවෙලින් වාර්තා වෙයි.

මෙසේ මුද්‍රා තබා ඇත්තේ කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල කාමරයයි.  අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙසේ මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ මුද්‍රා තබන ලද බව  කඩුවෙල පොලීසිය පැවසීය.

අදාළ මහේස්ත්‍රාත්වරිය  සම්බන්ධයෙන් අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක්  ලැබී ඇති බව වාර්තාවේ.  ඒ පිළිබඳව සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබේ.

එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ වනවිට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇත.  එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාවද ලබාදී  තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *