චම්පිකා මුතුකුඩ
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසඳුනු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කරන ලද හදිසි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ විය
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවාගැනීමේ ක්‍රියාවලිය යථාවත් කිරීම, ශ්‍රේණි උසස් කිරීම සහ වරප්‍රසාද ලබාදීමේදී පවතින ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් අරඹයා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබීය.
ඒ අනුව අද දිනයේ සියලුම දුර ගමන් දුම්රිය සේවා අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
මගීන් වඩාත් දුම්රිය භාවිතා කරන දිනය වූ සිකුරාදා ( ඊයේ) රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අත්හිටුවන ලදී. දුම්රිය ගමන් වාර අවලංගු කොට ගමන් අරඹා තිබුණු තැපැල් දුම්රියද අතරමග ධාවනය නවතා යළි ආරම්භක ස්ථානය වෙත ගෙන එනු ලැබීය.
මේ හේතුවෙන් වඩාත් අසීරුතාවයට පත් වූයේ සති අන්තයේ සිය ගම්බිම් බලා ගමන් කරන දුම්රිය මගීන් හා එම දුම්රියෙන් සිය සංචාරක ගමනාන්තයට ළඟා වීමට බලා සිටි විදේශිකයින්ය.
අද දිනද වේයන්ගොඩ, මීගමුව , ගාල්ල වැනි කෙටි ගමනාන්තයන් දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව සාමාන්‍යාධිකාරීවරයා නිවේදනය කර සිටියි.
ඉදිරි සතිය තුළ තම ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් සංගමය දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයකට යොමුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිි සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය
මීට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ දුම්රිය වර්ජනය මුළුමනින්මඅසාධාරණය බවත්, වර්ජකයන්ගේ අරමුණ රජය අපහසුතාවයට පත් කිරීම නම් දුම්රිය ධාවනය පවත්වා ගැනීමට කළ හැකි සියලු දේ කරන බවත්ය.
