වාහන විකුණන ලෙසින් මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

ලක්මිණි නදීෂා 

ලංකා කාර් වර්ල්ඩ් නැමැති ආයතනයක් නමින් විවිධ බැංකු වල ගිණුම් පවත්වා ගෙන යමින් වෙබ් අඩවි සහ පුවත්පත් වල ලංකා කාර් වර්ල්ඩ් නමින් වාහන විකුණුම් දැන්වීම් පල කර ඒ හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ගෙන් අදාළ ගිණුම් වෙත මුදල් තැන්පත් කරවාගෙන වංචා කිරීමට සම්බන්ධ සැකකරුවකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන අතර මේ සම්බන්ධව බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම සැකකරු විසින් මේ වන විටත් මෙම ආකාරයට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම් සිදු කරන බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරු හා සැකකාරිය පදිංචි නිශ්චිත ස්ථානයක් මේ දක්වා අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

සැකකරුවන්ගේ විස්තර

* සැකකරු – හේවා දේවගේ සංජීව උපුල් විජේරත්න

ජාතික හැඳුනුම්පත් අංකය – 751752024

* සැකකාරිය – රණසිංහ හෙටිට් ආරව්ගේ දිස්නා ඉරෝෂණී රණසිංහ

ජාතික හැඳුනුම්පත් අංකය – 838491553 V

ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන අතර මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක

ස්ථානාධිපති / මූල්‍ය විමර්ශන අංශ

071859 49 11

011-2398572

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව-

011-2320140 -145

Leave a Comment

Your email address will not be published. Required fields are marked *