(නිපුණ නිර්මාල්)
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලගණන් අද (16) දින ඉහළ ගොස් තිබේ.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රු.565කටත්,කැරට් කිලෝවක් රු.865කටත්,අමුමිරිස් කිලෝවක් රු.265කටත් හා තක්කාලි කිලෝවත් රු.525කටත් අලෙවි වී තිබේ.
තවද,නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රු.1000කටත්,වම්බටු කිලෝවක් රු.700කටත්,අමුමිරිස් කිලෝවක් රු.600කටත්,බෝංචි කිලෝවක් රු.660කටත් අලෙවි වී ඇති බව සදහන් වේ.
