බෞද්ධ ගී ආමිස පූජාව පාතගම මහා විදුහලෙන්

 

 

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ පාතගම මහා විද්‍යාලයේ වෙසක් ”දැහැන ගී සරණිය” විද්‍යාලයීය දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ බෞද්ධ ගී ගායනාවලින් පැවැත්විණි.

වත්මන් විදුහල්පති රුවන් සේනාධීර මහතාගේ ආරාධනයෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික සහ පෝෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච් විජේසිරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියේය. වසර අසුහයක් පැරණි පාතගම විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියේ සිය අපොස උසස් පෙළ දක්වා සිසු සිසුවිය 450ක් පමණ ඉගෙන ගනිති. එම දරුදුරියන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පන්ති මට්ටමින් ගීත ඉදිරිපත් කරමින් ”දැහැණ ගී සරණිය” වර්ණවත් කළහ.

විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, බෞද්ධ සංගමය සමග එක්ව ගි ප්‍රසංගය සංවිධානය කර තිබුණි. පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගයද ඊට ලැබී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *