(නිපුණ නිර්මාල්)
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මුදල් ගෙවීමේ කටයුතු සදහා ‘govpay’ ඩිජිටල් ක්‍රමවේදය එක් කිරීම ඊයේ (15 ) දින සිදු කෙරුණි
ඒ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයකදීය.
මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු පැවරීම,වන්දි ලබා ගැනීම,දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම හා සහතික කළ පිටපත් ලබාගැනීම යන සේවා සදහා ගෙවීම් සිදු කළ හැකි වේ.
මේ ‘govpay’ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කරන ලද 17 වන රාජ්‍ය ආයතනයයි.
ශ්‍රේෂ්ඨාධිකරණය තුල ‘govpay’ ඩිජිටල් ක්‍රමවේදය ආරම්භ කිරීමෙන් භෞතික මුදල් ගණුදෙනු,දිගු පෝලිම්,පෝරම් පිරවීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අවසන් වන බවයි අගවිනිසුරුවරිය සදහන් කළාය.
