(මොහොමඩ් ආසික්)
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අයත් අනුමණ්ඩල සභාපතිවරු අතර හමුවක්
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අනුබද්ධ අනුමණ්ඩලවල සභාපතිවරු ඊයේ (15) පස්වරුවේ බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හමුවී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක නිරතවූහ.
උදාර සංස්කෘතික ජීවිතයක් හිමි සහකම්පනීය ජනතාවක් බිහි කරගැනීම සඳහා පුරවැසියා කලා සාහිත්‍ය ක්ෂේත්‍රයට සමීප කර ගැනීම ට අනුමණ්ඩල සියල්ලම විසින් සකස් කර ඇති වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ජාතික කලා මණ්ඩලයේ සභාපති කිර්ති වැලිසරගේ, ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය සභාපති ලෙස කමල් පෙරේරා, ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, ජාතික දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක, ජාතික රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා, ජාතික සංගීත අනුමණ්ඩලයේ උප සභාපති මහාචාර්ය සමන් පනාපිටිය, ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ආචාර්ය රවීබන්දු විද්‍යාපති, ජාතික අස්පර්ශනීය කලා උරුම සහ සාම්ප්‍රදායික කලා අනුමණ්ඩලයේ සභාපති චන්ද්‍රසෝම බිංදුහේවා, ජාතික සිනමා අනුමණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, ජාතික ගුවන්විදුලි අනුමණ්ඩලයේ සභාපති කපිල එම්. ගමගේ, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන සහ සම්බන්ධිකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්වරු එක්වුහ.


