(සමන් පෙරේරා)
එළඹෙන ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය ලෙස ප්‍රකාශට පත් කෙරේ. අද (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කෙරිණ.අනුරාධපුර පූජා නගරය පන්තිරි මලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගැන මෙන් පොසොන් සතිය පැවැත්වීමට නියමිතය.
ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා මිස අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කළහ.
විශේෂයෙන් පොසොන් උත්සවය සංදර්ශන භූමියක් බවට පත් නොකොට, පැමිණෙන බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩිවන ආකාරයේ සැරසිලිවලින් අලංකාර කරන ලෙස උන්වහන්සේ අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක්ද කළහ. එසේම වන්දනාවේ එන බැතිමතුන් ද ඒ ගැන මෙනෙහි කොට පොසොන් වන්දනාවේ පැමිණීම වැදගත් බව නායකහිමියන් පැවසූහ.
මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන ජුනි මස 10 වන දිනට යෙදී තිබේ. එම කාලසීමාව තුළදී විවිධ ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද අටමස්ථානාධිපති හිමියෝ සඳහන් කළහ.

