පාර පුරා තෙල්

සංජීවනී පද්මසේන

කොලොන්නාව සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33 600ක් පමණ රැගෙන යමින් තිබූ බවුසරයක් තලවකැළේ, නුවරඑළිය, කිරිමැටිය ප්‍රදේශයේ දී පෙරළීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද හවස 04 ට පමණ වන අතර බවුසරයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලී ඇත.

එනිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් කාන්දු වීමක් සිදුවන අතර ප්‍රදේශවාසීන් රැස් කමින් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *