(ලක්මිණි නදීෂා )
පසුගිය දින කිහිපයේ සිදුවූ බස්රථ අනතුරු හේතුවෙන් දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.
මෙහිදී බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායකර ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.
