කොට්ඨාශ 95ක විශේෂ ඩෙංගු මර්දන සතියක්

ලක්මිණි නදීෂා 

ලබන 19 වැනිදා. කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ප්‍රදේශ රැසක ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේය.

මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178කු වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19,724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවකි.

ඩෙංගු සහ චිකුන්ගුන්‍යා යන රෝග දෙකම මේ වනවිට ව්‍යාප්තවෙමින් පවතින නිසා යම් පුද්ගලයකුට උණ රෝගය වැලඳී ඇත්නම් පැරසිටමෝල් ඖෂධය පමණක් ලබාගන්න ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ උපදෙස් ලබා දුන්නාය.

යම් හෙයකින් එම උණ රෝගියා ඩෙංගු වයිරසය ආසාදනය වී ඇත්නම් වෙනත් වේදනානාශක ගතහොත් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයවීමක් සිදුවිය හැකි බව ඇය අවධාරණය කරයි

එසේම දින තුනකට වඩා උණ පවතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සේඛය අංශ ජනතාවට උපදෙස් ලබා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *