අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(චම්පිකා මුතුකුඩ)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින උදෑසන 5.30ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවේ.

 

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසී ඇති වියහැක

 

මධ්‍යම , ඌව  ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු එකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය  ැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *