පාසල් දැරියන්ට තැලසීමියා පරීක්ෂණයක්

බුද්ධික වීරසිංහ

පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ එකොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැනු ළමයින් තැලසීමියා රෝග වාහකයන්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි..

එම දැරියන් පරීක්ෂා කර ඔවුන් සියලු දෙනාම සඳහා පැහැයන් තුනක කාඩ්වත් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන්  මහත්මිය ප්‍රකාශ කරයි.

එම කාඩ් පත් කොළ ,කහ කහ හෝ රෝස පැහැතිය.දැරිය තැලසීමියා වාහකයෙක්ද නැද්ද යන්න එම කාඩ් පත මගින් ප්‍රකාශ කරයි

කාඩ් පත කොළ  පැහැයෙන් යුක්ත නම් ඇය තැලසීමියා වාහකයකු නොවන බව තහවුරු වේ.

කහ පැහැති කාඩ්පතක් නිකුත් කර ඇත්නම් එම දරුවාට රෝග වාහක තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.

රෝස පැහැති කාඩ්පත පවසන්නේ එම දරුවා රෝග  වාහකයකු බවයි.

එවැනි දරුවන් සඳහා අවධානය යොමුකරමින් අවශ්‍ය කටයුතු සිදුකරන බවද විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළාය.

තැලසීමියා රෝගීන් වෙනුවෙන් රෝහල් පද්ධතිය විශාල මුදලක් වැය කරයි. මසකට වරක්වත් රුධිර පාරවිලයනයක් ලබා ගැනීමට  තැලසීමියා රෝගීන්ට සිදුවේ.දීර්ඝ කාලීන රුධිර පාරවිලයනය මගින් රුධිරයේ යකඩ තැන්පත් වීමක් සිදුවේ. එම යකඩ රුධිරයෙන් ඉවත් කිරීමටද සැලකිය යුතු මුදලක් රජයට දැරීමට සිදුවේ.

සැලසීමියා වාහකයින් දෙදෙනෙකුබ් අතර සිදුවන විවාහයකින්  තැලසීමියා දරුවෙකු බිහිවීමේ වැඩි අවදානමක් පවතී. තැලසීමියා වාහකයින් කල් තබා හඳුනා ගැනීම තුළින් රෝගය ව්‍යාප්තවීමේ ප්‍රවණතාවය අඩු කරගත හැකිය.

මෙරට තැලසීමියා රෝගී දරුවන් 2500 ක් පමණ සිටින බවත් තැලසීමියා රෝග වාහකයන් ගණන ලක්ෂ පහක් පමණ  වන බවත් සමින්දි සමරකෝන් මහත්මිය විසින් මින් පෙර ප්‍රකාශ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *