තවත් බස් රථ අනතුරක්

(යසංග මහවිතාන)

ඊයේ රාත්‍රී (12) සිදු වූ තවත් බස් රථ අනතුරක් පිළිබඳව මහනුවරින් වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය යටිහලගල ප්‍රදේශයේදී ය.

විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් රැගත් බස් රථයක්  මෙසේ මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස්  අනතුර සිදුව ඇති බව කියැවේ. ඉන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුරින් තුවාල ලත් පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *