ප්‍රදේශ කිහිපයකට හැර අනෙක් පළාත්වලට යහපත් කාලගුණයක්

(චම්පිකා මුතුකුඩ)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ..

 

මධ්‍යම සහ  ඌව පළාත්වලත් අම්පාර සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.

 

උතුරු, උතුරු මැද, වයඹ සහ  දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට   පැ.කි.මී.30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක

 

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *