(සංජීවනී පද්මසේන)
මොරගහහේන, මිල්ලෑව ප්රදේශයේ නිවසක වෙසක් සැරසිලි සඳහා ආලෝකවත් කිරීමට යොදාගත් විදුලි බුබුළු වැලක විදුලිය කාන්දුවක් නිසා නව හැවිරිදි දැරියක් මරුමුවට පත් වී තිබේ.
පාදුක්ක, වටරැක විදුහලේ පහ වසරේ ඉගනුම ලබන දැරිය නිවසේ වෙනත් හෝල්ඩරයක් මගින් සම්බන්දතාවය ලබාගෙන තිබූ විදුලි බුබුළු වැල ස්පර්ශ කිරීමේදී විදුලි සැර වැදී ඇත.
නිවසේ භූගත වයරය කැඩී තිබීමෙන් විදුලිය විසන්ධි නොවූ බව පසුව හෙලිවී ඇත. අසල්වැසියෙක් විසින් දැරිය බේරාගෙන හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ නමුත් අවාසනාවන්ත ලෙස එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී තිබේ.

