කඩාවැටුණු යානයෙන් මාදුරු ඔයට එක්වූ තෙල් ඉවත් කර අවසන්

වැලිගම  තරංග ගුණරත්න 

පසුගියදා මාදුරුඔය ජලාශයට කඩා වැටුනු ගුවන් යානයෙන් ජලයට එකතුවු තෙල් ඉවත් කිරිමෙි කටයුතු මේ වන විට අවසන් බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි .

ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉකුත් (9 ) දින  පෙරවරුවේදී  මාදුරුඔය ජලාශයට  කඩා වැටීමෙන්  ගුවන් අනතුරක් සිදුවිය .එම අනතුරින් එහි  තිබු ඉන්ධන ජලයට එකතුව තිබු අතර එම තෙල් ඉවත් කිරිමේ කටයුතු  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් තෙල් කාන්දු පාලනය සහ කලමනාකරණය පිළිබඳව විශේෂිත දැනුමක් ඇති තෙල් කාන්දු සදහා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම විසින් සිදු කර තිබේ.
ඒ අනුව ඊයේ (10)  පස්වරුව   වන විට ජලාශයේ ජලයේ මතුපිට පාවෙමින් තිබු තෙල් තට්ටුව සම්පුර්ණයෙන් ඉවත් කල බව ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටි
තවද මෙම අනතුර සමඟ එම ජලාශයේ වාන් දොරටු වසා දැමීමට පියවර ගත් අතර  මේ විට විසිර ගිය තෙල් ඉවත් කිරීමෙි කටයුතු අවසන් වීම සමග එම ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *