සාලියවැව ප්‍රදේශයේ දරුණු රිය අනතුරක්

සංජීවනී පද්මසේන

සාලියවැව, 18 කණුව ප්‍රදේශයේ දී අද අලුයම දරුණු රිය අනතුරක් සිදු වී තිබේ. මෝටර් රථයක් පටවාගෙන පුත්තලම දෙසට ගමන් කළ ආපදා රථයක් පොලිස් පරීක්ෂාව සඳහා නතර කර තිබෙන අවස්තාවේ දී කරේනගර් සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් එහි ගැටී ඇත.

එලෙස ආපදා රථයේ පසුපස ගැටුණු බස් රථය නතර වී ඇත්තේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ද ගැටීමෙන් පසුවය.

මෙම අනතුරින් බස් රථයේ රියදුරු සමඟ සහයකයා ද ලොරියේ රියදුරු ද බරපතල තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පුත්තලම සහ හලාවත රෝහල් වෙත ඇතුළත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *