විදුලි බල මණ්ඩලයේ සභාපතිත් ඉල්ලා අස්වෙයි.

චම්පිකා මුතුකුඩ

විදුලි බල මණ්ඩලයේ සභාපති අචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

2024 වර්ෂයේ සැප්තැම්බර් 26 වැනිදා විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ ඒ මහතාබලශක්ති ක්ෂේත්‍රයේ වසර හතලිහක පමණ අත්දැකීම් ඇති අයෙකි.විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ජනන සැලසුම් ඉංජිනේරුවරයා  ලෙසද කටයුතු කර ඇති ඔහු බලශක්ති විෂය සම්බන්ධ ප්‍රවීණයෙකි.එම විෂය සම්බන්ධ තනතුරු ගණනාවක් සියඹලා පිටිය මහතා විසින් හොබවා තිබේ.හෙතෙම 2024 සිට 2028 දක්වා ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුවද නියෝජනය කළේය.

තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශය වෙත භාර දී ඇතැයිද වාර්තා වේ.

පිරිවැය පිළිබිඹු කරන ගාස්තු සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවත්,දේශපාලනාධිරියත් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව sunday times සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *