සංජීවනී පද්මසේන

සංක්‍රමණික විශේෂ පිළිබඳ සම්මුතියට ( convention migratory species) අනුව සමුද්‍ර අවබෝධතා ගිවිසුම යටතේ උතුරු ඉන්දියානු සාගර සමුද්‍ර කාර්ය සාධක බලකායේ නව සභාපති ධූරය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර ඒකකය භාර සහකාර අධ්‍යක්ෂක රේඛා සංජීවනී රාජසිංහ මහත්මියට හිමි වී ඇත.
උතුරු ඉන්දියානු සාගර සමුද්‍ර කාර්ය සාධක බලකාය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්තානය හා මාලදිවයින යන රටවල් නියෝජනය කරන අතර එමඟින් උතුරු ඉන්දියානු සාගරය පුරා සමුද්‍ර කැස්බෑවන් සංරක්ෂණය සඳහා කටයුතු කරනු ලබයි.
වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති සමුද්‍ර කැස්බෑවන් ආරක්ෂා කිරීම සඳහා කලාපීය කැපවීම සැළකිල්ලට ගෙන මෙම තනතුර ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවට මෙම නායකත්වය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.


