වර්ෂා අමරජිත් _එරත්න
චාරිත්‍රානුකූල සමන් සුරිඳු දේව ප්‍රතිමාව හා දේවාභරණ සිරිපා අවාරයේ පැල්මඩුල්ල ගල්පොත්තාවිල රජ මහා විහාරයේ තැන්පත් කරන බව ශ්‍රීපාදස්ථානාධීපති සබරගමු රත්නපුර ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ප්‍රකාශ කළහ.
.2024 උදුවප් පොහොය දිනෙන් ආරම්භ කළ ශ්‍රීපාද වන්දනා සමය මෙවරත් වෙසක් පොහොය යෙදෙන (12) වනදායින් අවසන් වේ.
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ලස්සකන්ද ග්‍රාමනිලධාරි තේජිත එරන්ද මහතා 2025 මැයි මස 13 වනදා කුරුවිට එරත්න,,රත්නපුර පලාබද්දල,,හැටන් නල්ලතන්නිය මාර්ග ත්‍රිත්වයෙන් වන්දනා වාරය අවසන් කොට එරත්න කුරුවිට, රත්නපුර පලාබද්දල මාර්ග දෙකෙන් කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තුවේ හමුදා නිලධාරීන් යොදවාගෙන හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් ඊට අයත් රෙජිමේන්තුවක හමුදා නිළධාරීන් යොදවාගෙන 2025 මැයි මස 13 වනදා උදෑසන 6.30ට පමණ සමන්දේව පිළිමය රැගත් සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් පෙරහැර මෙම මාර්ග ත්‍රිත්වයෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවිල රජ මහා විහාරයට වඩමවනු ලබන බව ප්‍රකාශ කළේය.පළාත් සභාව,දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්ව වැඩම වීම සිදුකෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හෙතෙම සිරිපා වාරයේ රත්නපුර පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට ප්‍රාදේශීය සභාව,සහ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරියටද ,කුරුවිට සෞඛ්‍ය නිළධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරී රොඩ්නි ප්‍රසාද් රූපසිරි මහතාටද, මනා පුහුණුවක් ලත් සනීපාරක්ෂක කටයුතු සඳහා අටදෙනෙකු ගෙන් සමත් කාර්ය මණ්ඩලයටද මෙම සිරිපා වන්දනා සමය අවසන් වන තුරුම සිදුකළ කැපවීම හා සේවාවන් වෙනුවෙන් තම කෘතඤතාව පළ කළේය.එමෙන්ම මීට සතියකට පෙර හදිසියේ මිය ගිය සනීපාරක්ෂක කම්කරුවකු වු සේනක ජයලත් මහතා වන්දනාව සදහා සහභාගී වූ අනතුරට පත්වීමට ගිය ජීවිත තුනක් බේරා ගත් බවද මේ අවස්ථාවේ සිහිපත් කරන ලදී.

