ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ලකුණු 76 ක පරාජයක්

යසංග මහවිතාන

ශ්‍රී ලංකාව ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගයක් මේ දිනවල පැවැත්වේ.

ඊයේ ( 09) ඉන් ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරගය  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි.

තරගය පෙරවරු දහයට පමණ ආරම්භ විය.කාසියේ වාසිය චමරි අතුපත්තු විසින් දිනාගන්නා ලද අතර පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු පිළට ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දෙව්මි විහංගා ඊයේ දිනයේ දකුණු අප්‍රිකානු පිලේ විකට් පහක් දවා ගත්තාය. මේ සමග එක්දින තරගයක දී කඩුලු 05ක් දවාගත් පස්වැනි පන්දු යවන්නිය බවට දෙව්මි විහංගා පත්වූවාය.

පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම  ලකුණු අසූපහක් තුළ කඩුලු පහක් දැවී තිබූ අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඇනරි ඩර්ක්සන් සහ ක්ලෝයි ට්‍රයොන් සමත් වූහ.දකුණු අප්‍රිකානු ඉනිම නිමාවට පත් වූයේ නියමිත පන්දු වාර විස්ස තුළ කඩුලු නවයක් දැවී ලකුණු 315ක් රැස්කර ගනිමිණි. දකුණු අප්‍රිකානු  පිලේ  ඇනරි  ඩර්ක්සන් ලකුණු 104ක් රැස් කළ අතර ක්ලෝයි ට්‍රයෝන් ලකුණු 74ක් රැස් කළාය

ලකුණු තුන්සිය දාසයක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි  ශ්‍රී ලංකා කාන්තා පිළට පන්දු වාර 42 හා පන්දු 05ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 239 ක් පමණි.

දකුණු අප්‍රිකානු පිලේ ක්ලෝයි ට්‍රයෝන්ද ශ්‍රී ලංකා කඩුලු පහක් දවා  ගන්නට සමත් වූවාය.

ඒ අනුව තරඟය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට ලකුණුු 76ක පරාජයක් අත්කර දෙමිනි.

කෙසේ වෙතත් මෙම තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට  ශ්‍රී ලංකා හා ඉන්දියානු කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති. අවසන් තරගයේ 11 වෙනි ඉරිදා දින පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *