විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත්  කැඳවයි.

එස්.රත්නායක

2024/2025 අධ්‍යන වර්ෂය සඳහා  විශ්වවිද්‍යාල වලට ඇතුළත්  වීම සඳහා  2024 වසරේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ  විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලැබූවන් ගෙන් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවා ඇත.

 

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර් ජාලය ඔස්සේ  අයදුම්පත් යොමු  කිරීම  අනිවාර්ය වෙයි. අයදුම්පත් යොමුකිරීමට 2025..05.09 දින සිට අවස්ථාව සැළසෙයි. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය 2025.05.30 වන අතර පසුව ලැබෙන  අයදුම්පත්  ප්‍රතික්ෂේප කෙරේ . ප්‍රවේශ අයදුම්  කිරීම www.ugc.ac.lk නිලවෙබ් අඩවියට පිවිසීමෙන් කළ හැකිය. අන්තර් ජාල යොමුවෙන් පසු ලැබෙන මුද්‍රිත පිටපත උපදෙස් පොතේ පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *