2025 මුල් කාර්තුව තුළ දූෂණ වංචා චෝදනා 1264ක්

රංජන් මඩගම්මන- 

2025 වසරේ මාර්තු දක්වා කාලය තුළ  අල්ලස් හා දුෂණ වංචා චෝදනා  එක්දහස් දෙසිය හැට හතක් (1 267 ) ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මෙම කාලය තුළදී රජයට චූදිකයන් විසි හතර දෙනකුගෙන් මුදල්, ආදායම් වශයෙන් ලැබී තිබේ .මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ මුදල් ලෙස රුපියල්  20 000 ක්ද, මහාධිකරණයෙන් දඩ මුදල් ලෙස රුපියල් 2 37 500 ක් ද , මහාධිකරණයෙන් දණ්ඩන මුදල් වශයෙන්  රුපියල් 55 000 ද, රාජ සන්තක කල මුදල් රුපියල් 150 ,000 ක්  ද ඒ අතර වේ.

     කම්කරු කාර්‍යාල,ආගමන විගමන,සෞඛ්‍යය ,අධ්‍යාපන ,ශ්‍රි ලංකා පොලිසිය,ගොවිජන සේවා අධිකරණ හා පළාත් ආදායම්  යන ආයතන විමර්ශනය ට ලක් වු ආයතන අතර වේ. මෙම ආයතනවල  පුද්ගලයන් 20 දෙනෙකුත් සිවිල් පුද්ගලයන් 6 දෙනෙකුත් මෙහිදී  අත්අඩංගුවට ලක් ව් ඇත.2025 ජනවාරි 01 දින සිට මාර්තු 31 දින දක්වා සිද්ධීන් 21 ක් මහාධිකරණ වල ගොණු කර තිබෙන බවද අල්ලස් කොමිසම සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *