ලක්මිණි නදීෂා, S.රත්නායක
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබේ.
මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් බව ගුවන් හමුදාව පවසයි.
විසිරයෑමේ පෙළපාලියක සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත.
මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 පැයට හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරෙන් ගුවන් ගතවී මාදුරු ඔය යුධ හමුදා විශේෂ බලකා කදවුර වෙත ගොස් යුධ හමුදා විශේෂ බලකා විසිර යාමේ පෙළපාළියේ සංදර්ශනාත්මක ඉදිරිපත් කිරිමක් සදහා යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයින් 06 දෙනෙකු රැගෙන ගුවන් ගත වී සුලු වෙලාවකට පසු මෙම අනතුරට පත්ව ඇත.
අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්යය මන්ඩලය ඇතුලුව 12 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මුදා ගැනිමෙන් අනතුරුව මූලික ප‍්‍රතිකාර සදහා අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යවා ඇත..පසුව හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබලුන් හතරදෙනෙකු ඇතුලුව 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

