සංජීවනී පද්මසේන
බණ්ඩාරවෙල, අමිත් මාවත ප්රදේශයේ නිවසක ළිඳක් පවිත්ර කරමින් සිටි පුද්ගලයෙක් ළිඳත් සමඟම ඇතුළට කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබේ.
එහි බිහිසුණුතම තත්ත්වය වන්නේ එම පුද්ගලයා බේරා ගැනීම සඳහා පැමිණි ගිනි නිවන සේවා නිලධාරීන් ද පස් කණ්ඩියත් සමඟම ළිඳට වැටී තිබීමයි.
ගිනි නිවන සේවා නිලධාරීන් බේරාගෙන ඇති නමුත් තවමත් ළිඳට වැටුණු පුද්ගලයා බේරා ගැනීමේ මෙහෙයුම ක්රියාත්මක බවට වාර්තා වේ.


