නික්කි රණසිංහ
අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අද අලුයම නිවසකට පැමිණි ඇතෙක් එම නිවසේ කපා තිබූ වැසිකිළිවලකට ඇද වැටී ඇත.
ඒ බව දැනගත් ගම්වැසියන් වහා තලාව වනජීවී නිලධාරීන් වෙත සිදුවීම පිළිබඳ දැනුම් දී තිබේ. එහි පැමිණි වනජීවී නිලධාරීන් ද පොලීසිය ද ගම්වාසීන්ගේ සහාය ඇතිව මහත් පරිශ්‍රමයක් දරමින් ඇතා නිරුපද්‍රිතව ගොඩට ගැනීමට කටයුතු කරනු ලැබීය.
බැකෝ යන්ත්‍රයක් ද උපයෝගී කරගෙන පැය කිහිපයක් වෙහෙස වීමෙන් ගොඩට ගත් ඇතා නිරුපද්‍රිතව රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.
මෙසේ දිවයන ඇතා මීටර් 350ක් පමණ දුර මාර්ගයක ගමන් ගත් තරුණියක් පසුපස එළවා පහර දී බරපතල තුවාල සිදුකර තිබේ. එම තරුණිය ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කර ඇති අතර ඇතා නිරුපද්‍රිතව රක්ෂිතයට පළා ගොස් තිබේ


