චම්පිකා මුතුකුඩ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු හැඟවීමක් නිකුත් කර තිබේ.
මධ්‍යම ඌව නැගෙනහිර උතුරු , උතුරු මැද පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් මෙම අනතුරු හැඟවීම නිකුත් කර ඇත.
අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කොට ඇති මේ වාර්තාවේ ඉහත ප්‍රදේශවලට ඇද හැලෙන තද වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා ප්‍රබල අකුණු පිළිබඳ ඇඩි අවධානය යොමු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ප්‍රදේශවල ජනතාවට මෙම නිවේදනය මගින් දන්වා සිටියි.
අකුණු මගින් හා පද සුළං මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙමඟින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම නිවේදනය පහත දැක්වේ.



