යසංග මහවිතාන
සමන්ත රණසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය
ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහාය.
ඒ අනුව සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (8) උදෑසන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
සමන්ත රණසිංහ මහතා පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
