ක්‍රිශ් ගොඩනෑගිල්ලේ මදුරු තර්ජන

සංජීවනී පද්මසේන

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිශ් ගොඩනැගිල්ලට සෞඛ්‍ය බලධාරීන් විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

මේ දිනවල බස්නාහිර පළාතේ වාර්තා වන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවල දැඩි ව්‍යාප්තිය හමුවේ ක්‍රියාත්මක වන war against dengue වැඩසටහන යටතේ බස්නාහිර පළාත පුරා මදුරුවන් බෝ වන ස්ථාන සොයා බලන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

එහිදී මෙම ක්‍රිශ් ගොඩනැගිල්ල පිහිටි භූමිය දැඩි ලෙස මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත්වී ඇති බව හෙළි වූ අතර, ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යට මහත් අවදානමක් ඇති විය හැකි බව හඳුනා ගැනුණි.

මෙම ස්ථානය වහාම ධූමකරණයට ලක් කළ අතර හැකි ඉක්මනින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පිරිසිදු කරන ලෙස ගොඩනැගිලි බලධාරීන්ට රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *