ව්‍යාජ ලියකියවිලි සකස් කළැයි වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට චෝදනාවක්

කොලින් හරිශ්චන්ද්‍ර

මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා විසින් වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව ව්‍යාජ ලේඛන සකස් කිරීම පිළිබඳ චෝදනාවක් ඉදිරිපත් කරයි.

වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ත්‍යාගි අල්විස් සහ ප්‍රාදේශීය සභා නිලධාරීන්  තම ඉඩම් සම්බන්ධයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බවට ඔහු චෝදනා කරයි.

තිළිණ අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන්  කළේ  ත්‍යාගි අල්විස් වැනි දේශපාලකයින් දූෂණ සහ අක්‍රමිකතාවල නිරත වී ඇති බවත් ඊට ප්‍රාදේශීය සභා නිලධාරීන් ද සම්බන්ධ වී ඇති බවත්‍ ය

මෙවැනි චෝදනා එල්ල වූ පුද්ගලයින් තවදුරටත් ප්‍රාදේශීය සභාවට පත් නොවිය යුතු බවත්, ඔවුන් සම්බන්ධයෙන් වහාම සම්පූර්ණ විමර්ශනයක් කළ යුතු බවත් තිළිණ අලහකෝන් මහතා විසින් අවධාරණය කර ඇත. 

ඔහු මෙම චෝදනා සම්බන්ධයෙන් ෛකුත් 04 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට   පැමිණිල්ලක්ද ගොනු කර ඇත.

මෙවැනි චෝදනා සම්බන්ධයෙන් නිල විමර්ශනයක් සිදු විය යුතු බවද තිළිණ අලහකෝන් මහතා  අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *