පහන් කූඩු දන්සලක්

වැලිගම  තරංග ගුණරත්න 

වෙසක් පුර පසළොස්වක පොහොය  නිමිති කරගෙන සංවිධානය කළ  වෙසක් පහන් කූඩු දන්සැලක් අකුරැස්ස මාරඹ ප්‍රදේශයේදි අද (6 ) දින පැවැත්විණි.

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය 12 සහ 13 දිනට යෙදී තිබේ. බුදුන් වහන්සේගේ ඉපදීම ,බුදුවීම ,පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරමින්  ලෝවටා සිටින බෞද්ධ ජනතාව  විසින්  දාන , ශීල භාවනා , ආදී නොයෙකුත් පිංකමි වලට ප්‍රමුඛත්වය ලබා දෙනු  ලැබේ.
මෙම පිංකම් අතර ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විසින්    සංවිධානය කරන  විවිධ ආකාරයේ   දන්සැල්  දිවයිනේ නොයෙක් ප්‍රදේශවල  සංවිධානය වෙමින් පවතී.
බට යොදාගනිමින් නිෂ්පාදනය කරන ලද පහන් කූඩු සහ එම පහන් කූඩු අලංකාරවත් කිරීම සඳහා යොදාගන්නා  වර්ණවත් කඩදාසි  දන්සැලක් අකුරැස්ස  මාරඹ මිල්ලදෙනිය වී මෝල අසලදී ( 6 ) දින  උදෑසන සිට පැවැත්විණි.
ඕ.පී. අජිත් මහතාගේ ධන පරිත්‍යාගය මත  හිතවතුන්ගේ උපකාර මත  පවුලේ සැම විසින්  සංවිධානය කරනලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *