පළාත් පාලන මැතිවරණය 2025 විවිධ පළාත්වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය Truthlk වෙත වාර්තා වූයේ මේ ආකාරයෙනි.
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම
තරංග ගුණරත්න මාතර
අද(06) උදැසන 10.00 වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 23% ක් බව මාතර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කියා සිටි.


උතුරු පළාතේ ජනතාව උනන්දුවෙන් ජන්දය ප්‍රකාශ කරයි.
වවුනියාව මාධව කුලසූරිය.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරු පළාතේ ජනතාව උනන්දුවෙන් යුතුව පැමිණ ජන්දය ප්‍රකාශ කරනු ලැබීය.
උතුරු පළාතේ ජන්ද මධ්‍යස්ථාන අවට ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කොට ඇති අතර, පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් යොදාගෙන පළාතේ ආරක්ෂාව තහවුරු කොට තිබෙන බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සඳහන් කළහ.



2025.05.06 පළාත් පාලන මැතිවරණය 2025 මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම
නිමල් කොළඹිස්ස – මහනුවර
2025 පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමී අයුරින් මේ වන විට සිදුවෙමින් පවතී.
මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස් ලක්ෂ දෙදහස් පන්සිය පනස් අටක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයන් පන්දහකට ආසන්න පිරිසකගෙන් පළාත් පාලන ආයතන 22ක් සඳහා තේරී පත්වන ධුර ප්‍රමාණය 637කි.
මෙම කාලය තුළදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුව නොමැති බව ද ඒ මහතා පැවසුවේය.
තේරීම්භාර නිලධාරීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති මාධ්‍ය හමුවකදීය.
මධ්‍යස්ථාන 937කදී සිදුවන ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 04ට නිමාවීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 368කදී ගණනය කොට එහි ප්‍රතිඵල මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට ලබා ගන්නා බවත් සමස්ථ ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත අනතුරුව නිකුත් කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.
අනතුරුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.



අද පෙරවරු දහය වන විට රට පුරා චන්ද්‍රය ප්‍රකාශය වී තිබුණේ මේ අයුරිනි.
