යසංග මහවිතාන
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක් කතිරයක් පමණක් භාවිත කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලයි.
ඔබට නිකුත් කරන ඡන්ද පත්‍රිකාවේ තරග කරන පක්ෂවල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරග කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම යන වචන ද , හඳුනාගැනීමේ අංකය හා සලකුණ ද පමණක් මුද්‍රණය කර තිබේ. අපේක්ෂකයන්ගේ හෝ කොට්ඨාසවල නම් හෝ අංකය එහි සඳහන් නොවන බව මැතිවරණ කොමිසම කියයි.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔබ කැමැති පක්ෂයේ නම, සලකුණ හෝ ස්වාධීන කණ්ඩායම යන වචන ද හඳුනාගැනීමේ අංකය හා සලකුණද ඇති තීරුවේ සලකුණට දකුණෙන් ඇති ඉඩ කොටසේ කතිරයක් යෙදීම පමණක් ප්‍රමාණවත් වේ.
ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිම සලකුණක් යෙදීමෙන්, ඇඳීමෙන් හෝ ලිවීමෙන් වැළකී සිටිය යුතුය.එසේ සලකුණු කරනු ලැබුවහොත් ඔබේ ඡන්දය ප්‍රතික්ෂේප වනු ඇත.
