වැස්ස ප්‍රදේශ කිහිපයකට පමණයි

චම්පිකා මුතුකුඩ

 අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ  නැගෙනහිර පළාත්වලත්  හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ 

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටිනු ලැබේ.

  

මධ්‍යම සහ  ඌව පළාත්වලත් අම්පාර සහ  පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *