චම්පිකා මුතුකුඩ
අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (6) දින නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් වලත් , මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් එම ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
