මෙන්න අද රෑ අමුතු වැස්සක්

සංජීවනී පද්මසේන

මෙම වසර තුළ නැරඹිය හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා දැනුම් දෙයි. 

“ඊටා ඇක්වා රීට්ස්” නමින් හඳුන්වන මෙම උල්කාපාත වර්ෂාව හෙට (06) අලුයම 04 සිට 05 දක්වා කාලය තුළ සහ අද රාත්‍රියේ නැගෙනහිර අහසේ පැහැදිලිව දැක ගැනීමට හැකි බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

පැයකට උල්කාපාත පනහක් පමණ කඩා හැලෙන මෙම අසිරිමත් දර්ශනය ශ්‍රී ලාංකිකයින්ට නවමු අත්දැකීමක් වන අතර එහි සුන්දරත්වය පියවි ඇසින් දැක රස විඳීමේ හැකියාව ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇති වාසනාවක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *