වැලිගම තරංග ගුණරත්න
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පැවැත්වීමට නියමිතය ඒසදහා ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම අද උදැසන සිදු විය
පළාත් පාලන මැතිවරණයට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා පැවැත්වීමට නියමිතය
එ අනුව මාතර දිස්ත්‍රික්කයේ මහා නගර සභා එකක්ද ,නගර සභා 01 ද ප්‍රාදේශිය සභා 15 ක් ඇතුළු පළාත් පාලන ආයතන 17කට සභිකයින් 365 දෙනෙකු තෝරාපත් කර ගැනිමට නියමිතය
එ සදහා ජන්ද මධ්‍යස්ථාන 542 කදි ජන්ද විමසිම් කටයුතු පැවැත්විමට සියලු කටයුතු සූදානම් අතර එ සදහා මාතර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 693549 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මාතර දිස්ත්‍රික්ක සහාකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මහතා පැවසීය. .
තවද සාමකාමී මැතිවරණයක් සදහා සියලුම අපෙක්ෂකයන් සහ ජන්ද දායකයන් කටයුතු කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය



