සංහිඳියාවේ සූර්ය මංගල්‍යය විවිධ වාර්ගික දරුවන්ගේ සහභාගිත්වයෙන්

සමන් පෙරේරා  

යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් කණ්ඩායම විසින් සංවිධානය කරන ලද “සංහිඳියාවේ සූර්ය මංගල්‍යය” ඉකුත් 03 වනදා කැකිරාව ඉංග්‍රීසි ඇකඩමි විවේක සෙවණ පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් පැවැත් විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දූ දරුවන් සිය දෙනකු සහ එම දරුවන්ගේ දෙමාපියන්ගෙ සහභාගිත්වයෙන් පැවති මෙම සංහිඳියාවේ සූර්ය මංගල්‍යය ජාති, ආගම්, භේදවලින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනකොටස්වල දූ දරුවන් සහෝදරත්වයෙන් සහභාගීවීම කැපී පෙනුණි.

සෑම ජන කොටසක් ම නියෝජනය කළ දූ දරුවන් විසින් කිරි උතුරවා මෙම සූර්ය මංගල්‍ය ආරම්භ කෙරිණි. විවිධ වූ අවුරුදු ක්‍රීඩා හා විනෝද ක්‍රීඩා සමඟ සතුටු වන්නට දරුවන්ට අවස්ථාව සලසා දී තිබිණ. එමෙන් ම සහභාගී වූ සියලු දරුවන්ට හා දෙමාපියන් හට උදෑසන හා දිවා ආහාර ලබාදීමට ද කටයුතු කර තිබිණ.

මෙම අවස්ථාවට යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සිංහ කේ.ඩී.ඉන්ද්‍රජිත්, එම සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය නිෂාධි පානබොක්කේ, උතුරු මැද පළාත් අධ්‍යපන හා සමාජ සුබසාධන අධ්‍යක්ෂ සාමවිනිසුරු සිවනේශන් මනිමාරන්, කැකිරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉහසිංහ ඇතුලු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *